උඩවලවට ගිය කලු කොටියාට ඒ. සී. කුටියක්

Friday, 29 May 2020 - 8:02

%E0%B6%8B%E0%B6%A9%E0%B7%80%E0%B6%BD%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%92.+%E0%B7%83%E0%B7%93.+%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මද්දකට හසුවීමෙන් තුවාල ලබා මේ වනවිට උඩවලව ඇත් අතුරු සෙවණේ ප්‍රතිකාර ලබන පැන්තෙරා පාදුස් වර්ගයේ දුර්ලභ කළු කොටියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතිනවා.

පසුගිය 26 වැනිදා ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ මෙම කළු කොටියා මන්දකට හසුවී තුවාල ලබා සිටියදී වනජිවි නිලධාරින් විසින් සොයාගනු ලැබුවේ ලක්ෂපාන වතුයායේ - වාලමනේ ප්‍රදේශයේදීයි.

පසුව වනජීවි නිලධාරීන් මෙම කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණට භාරදුන් අතර, එහි විශේෂ කුටියක මෙම කොටියා මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සීත ප්‍රදේශවල සැරිසැරූ මෙම කොටියාට අවශ්‍ය පරිසර උෂ්ණත්වය ලබාදීම සඳහා වායුසමනය කරන ලද විශේෂ කුටියක රඳවා ඇති බවයි උඩවලව ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන සඳහන් කළේ.

එමෙන්ම, සී.සී.ටී.වී. තාක්ෂණය ඔස්සේ දෛනිකව කොටියාගේ චර්යා රටාවන් නිරීක්ෂණය කරනු ලබන අතර, ඒ නිරන්තර මිනිස් වාසයෙන් තොරව කොටියාට වාසය කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories