කසල තේ කිලෝ 17,000ක් වැල්ලම්පිටියෙන් සොයා ගැනේ

Friday, 29 May 2020 - 11:11

%E0%B6%9A%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+17%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
වැල්ලම්පිටිය - වෙන්නවත්ත ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී  තිබෙනවා.

ඊයේ සිදුකළ මෙම වැටලීමේදී සොයා ගත් කසල තේවලින් කිලෝග්‍රෑම් 12,300ක් ඉන්දියාවේ සිට ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම සඳහා සකස් කර තිබූ  ඒවා බව සඳහන්.

තවත් කිලෝග්‍රෑම් 5334ක් ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ බලපත්‍ර නීති උල්ලංගණය කරමින් ගබඩා කර තිබූ කසල තේ බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, තේ තොගයට මුද්‍රා තැබීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.


දින 115කට පසු ශ්‍රේණි තුනක් සඳහා පාසල් අද විවෘතයි
Monday, 06 July 2020 - 6:40

කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියත් සමඟ වසා දැමු රජයේ සියලු පාසල්... Read More

පළාත් 07කට අද දිනයේ වැසි
Monday, 06 July 2020 - 6:24

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (06) දිනය තුල... Read More

කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් තුල අත්ඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More