මද්දකට හසුවූ දුර්ලභ කළු කොටියා මිය යයි (වීඩියෝ)

Friday, 29 May 2020 - 11:44

%E0%B6%B8%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B7+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මද්දකට හසුවීමෙන් තුවාල ලබා උඩවලව ඇත් අතුරු සෙවණේ ප්‍රතිකාර ලබමින් සිටි පැන්තරා පාදුස් වර්ගයේ දුර්ලභ කළු කොටියා මිය ගොස් තිබෙනවා.

කළු කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙනිය විශ්වවිද්‍යාලයට රැගෙන යාමට අවශ්‍ය පියවර ගත් බවයි උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන සඳහන් කළේ.

පසුගිය 26 වැනිදා ශ්‍රී පාද රක්ෂිතයේ සැරිසැරූ මෙම කළු කොටියා මන්දකට හසුවී තුවාල ලබා සිටියදී වනජිවි නිලධාරින් විසින් සොයාගනු ලැබුවේ ලක්ෂපාන වතුයායේ - වාලමනේ ප්‍රදේශයේදීයි.

පසුව වනජීවි නිලධාරීන් මෙම කොටියා වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණට භාරදුන් අතර, එහි විශේෂ කුටියක මෙම කොටියා ප්‍රතිකාර ලබමින් සිටියා. 







සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු 08 දෙනා යළි රිමාන්ඩ්
Monday, 06 July 2020 - 14:26

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ සම්මේලනයේ ජාතික ත්‍රිරෝද... Read More

පර්පචුවල් ට්‍රෙෂරීස් තහනම දීර්ඝ කරයි
Monday, 06 July 2020 - 14:14

පර්පචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමට පනවා ඇති ව්‍යාපාරික... Read More

උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More