සජිත් ඇතුළු 99 කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය (වීඩියෝ)

Friday, 29 May 2020 - 12:15

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+99+%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සමගි ජනබලවේගය යටතේ නාම යෝජනා ලබා දුන් සජිත් ප්‍රේමදාස ඇතුළු 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණා.

ඒ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ලෙස කටයුතු කිරීමේ චෝදනාව යටතේයි.

සාමාජිකයන් 99 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද පෙරවරුවේ රැස්වුණා.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට නව සාමාජිකයන් 8 දෙනෙකු අද පත්කර ඇති අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම, ආශු මාරසිංහ සහ සන්දීප් සමරසිංහ ඇතුළු පිරිසක් ඊට අයත් වනවා.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස අකිල විරාජ් කාරියවසම් යළි පත් කර ඇති අතර, උපනායක සහ ජාතික සංවිධායක ධුරවල ද වෙනසක් වී නැහැ.

කෙසේ වෙතත්, එම පක්ෂයේ සභාපති සහ නියෝජ්‍ය නායක ධුරයට අද පැවති රැස්වීමේදී කිසිවෙකු පත් කර නොමැති බවයි වාර්තා වුණේ.

මේ අතර, සමගි ජනබලවේගයේ විශේෂ රැස්වීමක් ද පිටකෝට්ටේ පිිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී අද පස්වරුවේ කැඳවා තිබූ අතර, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය යන පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරි මණ්ඩලවල සාමාජිකත්වය දරණ පිරිස් ඊට එක්ව සිටියා.

එක්සත් ජාතික පක්ෂය පාවාදෙන පිරිසට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එහිදී තීරණය වූ බව සමගි ජනබලවේගය අද පස්වරුවේ නිවේදනය කර තිබුණා.

එසේම, සමගි ජනබලවේගය අදාළ තීරණය සම්බන්ධයෙන්  නීත්‍යානුකූලව කටයුතු කිරීමට ද තීරණය කර තිබෙනවා.

මේ අතර, අද පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පළ කළ අදහස් ඇතුළත් නිවේදනයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

එහි සඳහන් වන්නේ එක්සත් ජාතික පක්ෂය කිසිදු ලෙසකින් ආණ්ඩුවට සම්බන්ධ වී ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට කටයුතු නොකරන බවයි.



ඉතියෝපියාවේ සිට 230ක් ශ්‍රී ලංකාවට
Monday, 06 July 2020 - 7:13

අප්‍රිකානු මහද්වීපයට අයත් රටක් වන ඉතියෝපියාවේ සිට ශ්‍රී... Read More

ළමා නිවාසයක නාන කාමරයක් තුළ දැරියක් සියදිවි හානිකර ගනී
Monday, 06 July 2020 - 7:09

වවුනියාව, කෝවිල්කුලම ප්‍රදේශයේ ළමා නිවාසයක රැඳී සිටි දැරියක්... Read More

පලෙයි නිවසකින් බෝම්බ තුනක්, කළු කොටි සැමරුමට සකස් කළ කොඩියක්,පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ ගුරුවරියක් අත්අඩංගුවට
Monday, 06 July 2020 - 6:59

කිලිනොච්චිය,පලෙයි - අයියකච්චි ප්‍රදේශයේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත... Read More