කළු ජාතිකයාගේ මරණයත් සමග ඇමරිකාවේ ඇතිවූ ගැටුම් වාර්තා කල CNN මාධ්‍ය කණ්ඩායම අත්අඩංගුවට

Friday, 29 May 2020 - 17:35

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD+CNN+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමේදී කළු ජාතිකයෙකු මියයාමත් සමග ඇමරිකා එක්සත් ජනපදයේ මිනියාපොලිස් හි ඇවිලූණු ගැටුම් අද තවදුරටත් උත්සන්න වුණා.

පොලීසිය සදහන් කළේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් සේවයෙන් පහ කළ බවයි.

කෙසේ නමුත්, ඔවුන්ට එරෙහිව මිනී මැරුම් චෝදනා යටතේ නඩු ගොනුකරන ලෙස එම සිද්ධියෙන් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ ඥාතීන් ඉල්ලා සිටිනවා.

විරෝධතාකරුවන් නගරයේ ගොඩනැගිලි කිහිපයකට ගිනි තැබීමත් සමග කැරලි මර්දන පොලීසිය දැක්වූයේ දැඩි ප්‍රතිචාරයක්.

එමෙන්ම, ඔවුන් මිනියාපොලිස් හි තත්ත්වය සජිවි ලෙස වාර්තාකරණයේ නිරත වූ සී.එන්.එන්. මාධ්‍ය කණ්ඩායම ද අත්අඩංගුවට ගනු ලැබුවා.

මේ අතර, කළු ජාතිකයාගේ මරණයත් සමග එහි ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවුඩයට ට්විටර් ආයතනය මගින් අනතුරු ඇගවීමේ ලේබලයක් එක්කර තිබුණා.

ඒ එමගින් ප්‍රචන්ඩත්වය වර්ධනය කරන බව පවසමින්. එය ජනපති ට්‍රම්ප් සහ සමාජ මාධ්‍ය අතර, පැන නැගී ඇති සටනේ තවත් අදියරක් ලෙසයි සැලකෙන්නේ.


ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More