අද මධ්‍යම රාත්‍රී 12 සිට 31 මධ්‍යම රාත්‍රී 12 දක්වා නුවරඑළියට ඇඳිරි නීතිය

Friday, 29 May 2020 - 19:24

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+12+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+31+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+12+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
අද මධ්‍යම රාත්‍රී 12 සිට 31 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කය සඳහා නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පවසනවා.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා හැර නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ අනෙක් සියලු ගමනාගමන කටයුතු තහනම් වන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය ද ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ හෙට (30) සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඊයේ (28) බ්‍රහස්පතින්දා නිවේදනය කළ ආකාරයෙන් මැයි 31 වන ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්වල දිනය පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජුනි පළමුවනදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඊයේ නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවතින බව ද ඔවුන් සඳහන් කළා.



රිෂාඩ්ගේ සොහොයුරාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම 31වනදා
Monday, 06 July 2020 - 13:53

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන බදියුදීන්... Read More

සැමට සෙවණ ලබාදීමේ දොළදුක 2025 සපුරනවා - සජිත් (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:36

2025 වසර වනවිට මුළු ලංකාවටම නිවාස සාදා දී සැමට සෙවණ ලබාදීමේ දොලදුක... Read More

පාඨලී පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට
Monday, 06 July 2020 - 13:30

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට... Read More