විදේශයන්හි සිට පැමිණෙන සියල්ලන් PCR පරීක්ෂණයට (වීඩියෝ)

Friday, 29 May 2020 - 19:55

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+PCR+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විදේශයන්හි සිට පැමිණෙන සියලූම පුද්ගලයන් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ගුවන්තොටුපලේදීම පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට තීරණය කළ බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක් ඊයේ කටුනායක ගුවන්තොටුපලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී එම තීරණයට එළඹි බවයි ඔහු කියා සිටියේ.

ලබන අගෝස්තු පළවනදා සිට ගුවන්තොටුපල විදේශික සංචාරකයන් සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී අවධානය යොමුවූ අතර, ඒ අනුවයි, ගුවන්තොටුපල තුල පවතින සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිස ඊයේ ගුවන්තොටුපලේ සංචාරයකට එක්වුණේ.

අද දිනයේ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1540 දක්වා ඉහළ ගියා.

කුවේට් සිට දිවයිනට පැමිණ කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් 3 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකකයන් හි ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

අද දිනයේ කොරෝනා ආසාදිත තවත් 9 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු සංඛ්‍යාව 754 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ සුවය ලැබූ 9 දෙනාම නාවික හමුදා සාමාජිකයන්

මේ අතර, කොළඹ නගරයේ ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ස්වයං රැකියාවල නියුතු 5000ක පමණ පිිරිසකට යළි තම ජිවනෝපාය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් ලබාදීම අද විහාරමහා දේවි උද්‍යානයේදී සිදුකෙරුණා.

එමෙන්ම, කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව ජනතාව තුළ අනියත බියක් සහ කැළඹීමක් ඇතිවන අයුරින් මාධ්‍ය හමුවකදී අදහස් පළ කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද දහවල් පැයකට අධික කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More