කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගැන අධිකරණ නියෝගයක් (වීඩියෝ)

Friday, 29 May 2020 - 20:09

%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මද්දකට හසු වී තුවාල ලබා උඩවලව ඇත් අතුරු සෙවණේ පිහිටි පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය කළු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙනිය පශු වෛද්‍ය පීඨයේ සිදුකරන ලෙස හැටන් මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජේ.ට්‍රොස්කි අද නියෝග කළා.

ඒ, මියගිය කොටියා සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පසුගිය 26 වැනිදා ලක්ෂපාන - වාලමලේ වතු යායේ එළවළු වගා ගොවිපලක මද්දකට හසු වී සිටි මෙම කළු කොටියා වනජීවි නිලධාරීන් විසින් මූලික ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව උඩවලව පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන එනු ලැබුවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දුර්ලභ ගණයේ කළු කොටියා මියගිය බවයි උඩවලව පශු වෛද්‍ය මාලක අබේවර්ධන කියා සිටියේ.

මද්දට හසුවීම හේතුවෙන් කොටියාගේ ගෙල ප්‍රදේශයේ ඇති වූ තුවාලවලින් හටගත් සංකූලතා හේතුවෙන් මෙම සත්වයා මියයන්නට ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක කියා සිටියේ මියගිය කළු කොටියාට බරපතල තුවාල සිදුව නොතිබූ බවයි.

එමෙන්ම, මෙම කළු කොටියා උඩවලව පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන යාමට තමන් අකැමැත්ත ප්‍රකාශ කළ බව ඔහු කියා සිටියා.

ඒ, සත්වයා ජීවත් වූ දේශගුණික පරිසරයට වෙනස් පරිසරයකට රැගෙන යෑමෙන් යම් බලපෑමක් සිදුවිය හැකි බවට නිගමනය කළ නිසා බව ඔහු සඳහන් කළා.

එම කරුණු පදනම් කරගනිමින් මෙම සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය උඩවලව පශු වෛද්‍ය රෝහලේ සිදුනොකර පේරාදෙනිය පශු වෛද්‍ය ඒකකයේ සිදුකරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියා.





තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Sunday, 12 July 2020 - 14:52

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 4ක් - එක් අයෙකු සුවය ලබයි
Sunday, 12 July 2020 - 14:45

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515ක් දක්වා ඉහළගොස් තිබෙනවා.ඒ... Read More