කප්පම් නොලැබුනු නිසා ආපන ශාලාවකට වෙඩි ප්‍රහාරයක් (වීඩියෝ)

Friday, 29 May 2020 - 20:44

%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%86%E0%B6%B4%E0%B6%B1+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ආපනශාලාවේ හිමිකරුවන් පවසන්නේ ප්‍රදේශයේ මැර කල්ලියක් කළ කප්පම් ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු රාජකාරියේ ද නිරතවී සිට ඇති බවයි වාර්තාවන්නේ.

රාත්‍රි 12.20ට පමණ සුදුපැහැති මෝටර් රථයකින් පැමිණෙන දෙදෙනෙකු ආපන ශාලාව ඉලක්ක කර ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබුණා.

එම අවස්ථාවේදී ආපන ශාලාවේ සේවකයින් උඩුමහලට ගොස් සිටි නිසා ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුවි නැහැ.

නමුත්ල වෙඩි ප්‍රහාර හේතුවෙන් ආපනශාලාවේ දේපළවලට දැඩි හානි සිදුව තිබුණා.

මෙම ආපන ශාලාවට පසුගිය 19 වැනිදාද සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කඩු මුගුරු රැගෙන පැමිණ ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී ආපනශාලාවේ දේපළවලට දැඩි අලාභහානි සිදුවූ අතර සිද්ධියෙන් එක් අයෙකුට තුවාල සිදුවුණා.

ප්‍රදේශයේ මැර කල්ලියක් අවස්ථා ගණනාවකදි සිය ආපන ශාලාවෙන් කප්පම් ඉල්ලා තර්ජනය කළ බවත්ල එම කප්පම් ඉල්ලීමට යහපත් ප්‍රතිචාර නොදැක්විම මෙම සිදුවීම්වලට හේතුවී ඇති බවත්ල ආපන ශාලාවේ හිමිකරු සඳහන් කළා.

මොරටුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන අතර, මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.



මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2605ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 16:03

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2605ක් දක්වා... Read More

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කොරෝනා
Sunday, 12 July 2020 - 15:13

කොරෝනා ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ... Read More

තියුණු ආයුධයක් රැගෙන යතුරුපැදියකින් ගමන් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Sunday, 12 July 2020 - 14:57

කිලිනොච්චිය - පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී තියුණු ආයුධයක්... Read More