පාස්කු කොමිසමේදී තවත් හෙළිදරව්වක් (වීඩියෝ)

Friday, 29 May 2020 - 21:02

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම තොරතුරු ප්‍රහාරයට පෙර බුද්ධි අංශ මගින් එවක පොලිස්පතිවරයාට සහ යුද හමුදාපතිවරුන් වෙත ලබා දී තිබූ බව ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී හෙළිවුණා.

ඒ බුද්ධි අංශ උසස් නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

කොමිසම හමුවේ සාක්ෂි දුන් බුද්ධි අංශයේ උසස් නිලධාරියාගෙන් කොමිසම ප්‍රථමයෙන් විමසුවේ දෙහිවල - ට්‍රොපිකල් ඉන් බෝම්බකරු සම්බන්ධවයි.

බුද්ධි අංශ නිලධාරියා එහිදී සඳහන් කළේ ‍මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ ආගමික අන්තවාදීන්ගෙන් බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන බැවින් ඒ පිළිබඳව සොයා බලන්නැයි තම අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලැබුණු බවයි.

ඒ වනවිට මොහොමඞ් ලතීෆ් ජමිල් මොහොමඞ් නමැති පුද්ගලයෙක් සම්බන්ධයෙන් තොරතුරු ලැබුනේ ද යන්න ජනාධිපති කොමිසම බුද්ධි නිලධාරියාගෙන් විමසා සිටියා.

එය පිළිගත් සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ ජමිල් නමැත්තා අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට පෙර සිටම තොරතුරු ලැබී තිබූ බවයි.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සිදුවී කෙටි වේලාවක් ඇතුළත තමන් ඇතුළු කණ්ඩායමක් වැල්ලම්පිටිය - ලන්සියාවත්ත ප්‍රදේශයේ තිබූ ජමිල්ගේ නිවස පරීක්ෂා කළ බව බුද්ධි අංශ නිලධාරියා සඳහන් කළා.

එහෙත් ජමිල් එහි නොසිටි නිසා ඊට නුදුරින් පිහිටි ජමිල්ගේ බිරිදගේ නිවසට ගොස් තමන් ජමිල්ගේ මිතුරෙකුයැයි පවසමින් ජමිල් පිළිබඳ විමසූ බවත් ඔහු කියා සිටියා.

එහිදී ජමිල්ගේ බිරිඳගේ පියා සහ සහෝදරයා සදහන් කර ඇත්තේ ජමිල් දින දෙකකට පෙර ආගම් ප්‍රචාරය සදහා යැයි පවසා නිවසින් බැහැරව ගොස් ඇති බවයි.

ජමිල්ගේ ජංගම දුරකතනය ඒ වන විට ක්‍රියා විරහිතව තිබූ බැවින් ඔහුගෙන් ඇමතුමක් ලැබුණහොත් දැනුවත් කරන්නැයි අංකයක් ලබා දී තමන් ඇතුලු‍ පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඒ පිළිබඳව තම අධ්‍යක්ෂවරයාට පැහැදිලි කළ බවද අදාළ බුද්ධි නිලධාරීයා සඳහන් කළා.

අනතුරුව සාක්ෂිකරු ප්‍රකාශ කළේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය මත යළි එම නිවසට ගොස් එදින උදෑසන සිදුවූ ප්‍රහාරවලට ජමිල්ගේ සම්බන්ධයක් තිබෙන බවට තොරතුරු ඇති බැවින් ජමිල් බේරා ගැනීමට අවශ්‍ය නම් ඔහු පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවයි.

එහිදී ජමිල්ගේ බිරිඳ පවසා ඇත්තේ, ‘ජමිල් ටික වේලවකට පෙර තමන්ට ඇමතුමක් ලබාගත් බව සහ ඔහු වැල්ලවත්තේ පිහිටි පල්ලියක රැදී සිටින බවට පැවසූ බවයි.

අදාළ පල්ලියේ ආරක්ෂක නිලධාරියාට සිය අනන්‍යතාව ගැටලු‍වක් වී ඇති නිසා තමා පිළිබඳ තොරතුරු සනාථ කරන්නැයි ජමිල් පැවසූ බවත්, තමා අදාල ආරක්ෂක නිලධාරියාට ජමිල්ගේ අනන්‍යතාව තහවුරු කළ බවත් ජමිල්ගේ බිරිඳ එහිදී පවසා තිබෙනවා.

අනතුරුව ඇගේ දුරකතනයෙන් අදාල ආරක්ෂක නිලධාරියාට තමන් විසින් ඇමතුමක් ලබාගෙන ජමිල් එම ස්ථානයේ රැඳී සිටින්නේ දැයි විමසුවද, සැකකරු ත්‍රිරෝද රථයක නැග මුහුදුබඩ මාර්ගය ඔස්සේ දෙහිවලට ගිය බව ආරක්ෂක නිලධාරියා සඳහන් කළ බව සාක්ෂිකරු කියා සිටියා.

බුද්ධි නිලධාරියා පැවසුවේ එම සිදුවීම සම්බන්ධයෙන්ද තම අධ්‍යක්ෂවරයා දැනුවත් කිරීමෙන් පසු මොහොමඞ් ඊබ්‍රහයිම් ඉල්හාම් ගැන කඩිනමින් තොරතුරු අනාවරණ කරගන්නා ලෙස අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලැබුණු බවයි.

මොහොමඞ් ඊබ්‍රහයිම් ඉල්හාම් සම්බන්ධයෙන් ද තොරතුරු පැවතියේ දැයි කොමිසම එහිදී ප්‍රශ්න කළා.

සාක්ෂිකරු පිළිතුරු දුන්නේ ඔහු අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට මීට පෙර තොරතුරු ලැබී තිබූ අතර බුද්ධි අංශයයේ ක්ෂේත්‍ර ආවේක්ශන නිලධාරීන් සැකකරුගේ දෙමටගොඩ පිහිටි නිවස සොයාගෙන තිබු බවයි.

එම නිවස පරීක්ෂා කිරීම සදහා තමන් ඇතුළු කණ්ඩායම ඔරුගොඩවත්ත ප්‍රදේශයට පැමිණෙන අතරතුර විනාඩි 15ක් වැනි කාල පරාසයකදී දෙහිවල සහ දෙමටගොඩ ප්‍රදේශවලින් බෝම්බ පිපිරීම් වාර්තා වූ බව සාක්ෂිකරු සදහන් කළා.

ඒ අනුව දෙහිවල බෝම්බයේ ප්‍රහාරකයා ජමිල් මොහොමඞ් බවට තමන් අනුමාන කළ බවත් දෙමටගොඩ ප්‍රහාරකයා මොහොමඞ් ඊබ්‍රහයිම් ඉල්හාම් බවට අනුමාන කරමින් දෙමටගොඩ පිහිටි නිවසට පැමිණි බවත් සාක්ෂිකරු පැවසුවා.

බුද්ධි නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ දෙමටගොඩ නිවසේ දොරකඩට පිවිසෙනවාත් සමගම නිවස තුළ තවත් බෝම්බයක් පුපුරා ගිය අතර ඒ වනවිටත් නිවසේ විශේෂ කාර්ය බලකායේ සෙබලු‍න් රැදී සිටි බවයි. ඔහු වැඩිදුරත් පැවසුවේ එම නිවසේ සිටි ඉල්හාම් නමැති සැකකරුගේ පියා අත්අඩංගුවට ගත් බවයි.

කොමිසම අනතුරුව විමසුවේ ආගමික අන්තවාදය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූයේ කුමන කාලවකවානුවේ සිටද යන්නයි.

2016 වසරේ සිට ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම්, ජාතික තව්හිද් ජමාත් සහ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් යන සංවිධාන අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වූ බව සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළා.

මොවුන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ක්‍රියාකාරකම් බහුලව සිදුකරගෙන ගිය නිසා ඒ ඔස්සේ ලබාගත් තොරතුරු අනුව හඳුනාගත් පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් 2016 වසරේ සිට තිබූ බවයි සාක්ෂිකරු පැවසුවේ.

එමෙන්ම සහරාන් පිළිබඳවද තොරතුරු බුද්ධි අංශය සතුව තිබූ බව පැවසූ බුද්ධි නිලධාරියා සඳහන් කළේ තම අධ්‍යක්ෂවරයා විසින් එම තොරතුරු 2018 වසරේ අගදී හෝ 2019 මුල් කාලයේ පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම්දුන් බවයි.

දැනුවත් කළේ පොලිස්පතිවරයා පමණක්දැයි කොමිසම විමසූ අතර, ජාතික බුද්ධි ප්‍රධානියාද එම කාලයේදීම දැනුවත් කළ බවට මතකයේ ඇතැයි සාක්ෂිකරු සඳහන් කළා.

පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් 07 දෙනා පිළිබඳවම බුද්ධි අංශ සතුව තොරතුරු තිබුණේ දැයි කොමිසම ප්‍රශ්න කර සිටියා. එහිදී බුද්ධි නිලධාරියා පැවසුවේ සහරාන්, ජමිල්, ඉල්හාම් සහ හස්තූන් යන පුද්ගලයින්ගේ තොරතුරු පෙර සිටම පැවැති බවයි.

වනාතවිල්ලු‍ව ප්‍රදේශයේ අවි සොයාගැනීම සම්බන්ධයෙන් බුද්ධි අංශ අවධානයක් යොමු කළාදැයි කොමිසම සාක්ෂිකරුගෙන් විමසූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් අත්අඩංගුවට ගෙන සිටි බැවින් ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට සහ තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බව එවක එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ශානි අබේසේකරගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව සාක්ෂිකරු සඳහන් කළා.

කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය සිදුවන තෙක්ම ශානි අබේසේකර ඊට අවසර ලබාදීමක් හෝ ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදීමක් සිදු නොකළ බවයි බුද්ධි නිලධාරියා පිළිතුරු දෙමින් සඳහන් කළේ.

අනතුරුව කොමිසම විමසුවේ අන්තවාදීන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ලැයිස්තු සකස්කර තිබියදී බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා විසින් ඒ පිළිබඳ යුද හමුදාපතිවරුන් දැනුවත් කර තිබුණේ ද යන්නයි.

අධ්‍යක්ෂවරයා විසින් අවස්ථා කිහිපයකිදීම අදාළ තොරතුරු සම්බන්ධයෙන් ලිඛිතව සහ වාචිකව එවක හමුදාපතිවරුන්ව සිටි මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ලු‍තිනන් ජෙනරාල් මහේෂ් සේනානායක දැනුවත් කළ බව සාක්ෂිකරු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories