අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)

Friday, 29 May 2020 - 22:30

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම හේතුවෙන් රෝහල අවට සිටින ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටීම සම්බන්ධයෙන් අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ කළ අනාවරණය පිළිබඳ රෝහල් අධ්‍යක්ෂකවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

උතුරුමැද පළාතේ විශාලතම රෝහල වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස පරිසරයට බැහැර කරන අතර ඒවා පිළිස්සීමට ලක්කරන්නේද පරිසරයට නිරාවරණය කරමින් බව අප ඊයේ දින හිරු ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළා.

මේ හේතුවෙන් රෝහල අවට ජීවත්වන ජනතාව සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණපා සිටින අතර මෙම බලපෑම් අත්විඳීමට නොහැකිව ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්ම මේ වන විට තම නිවාස අතහැර දමා ගොස් අවසන්.

එමෙන්ම මෙම සායනික අපද්‍රව්‍ය මල්වතු ඔයට ගලාබසින කුඩා ඇළ මාර්ගයකටද බැහැර කිරීමට අනුරාධපුර ශික්ෂණ රෝහල කටයුතු කර තිබෙන ආකාරය අප පෙන්වා දුන්නා.

ඊයේ අප කළ වාර්තා කිරීමත් සමඟ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකවරයා අද ඊට ප්‍රතිචාර දැක්වුවා.

කෙසේ වෙතත් එම ස්ථානයට ගිය අපට අද දිනයේදීත් දැකගන්නට ලැබුණේ ඊයේ දිනයේදී මෙන්ම අදත් එම සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කර ඇති ආකාරයයි.

රෝහලක අපද්‍රව්‍ය යනු කැලිකසල නොවේ.

ඒවා නිසි ක්‍රමවේදයක් සහිතව බැහැර කළ යුතු වන්නේ ඒ තුළින් මතුවන පාරිසරික ගැටලු බරපතළ නිසාවෙන්.
 
තම වගකිම හරිහැටි ඉටු නොකරන බලධාරින් ඒ වෙනුවෙන් බොළඳ තර්ක ගොඩනගන්නේ නම් පීඩාවට පත්වන සාමාන්‍ය ජනතාවට වගකියන්නේ කවුද ?

අප ඉදිරියේ ඇති ප්‍රශ්නාර්ථය මෙයයි.



\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More