තොණ්ඩමන්ගේ දේහය අද කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයට

Saturday, 30 May 2020 - 7:44

%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9C%E0%B6%BD+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය අද කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.

මේ වනවිට දේහය කොත්මලේ - රම්බොඩ - වැවන්ටන් වතුයායේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඊයේ පෙරවරුවේ ඔහුගේ දේහය ගුවනින් ගම්පොලට රැගෙන එනු ලැබුවා.

ගුවන් හමුදාවට අයත් එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරයකින් රැගෙන ආ දේහය භාර ගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ගම්පොල ක්‍රීඩාංගනයට පැමිණ සිටියා.

පසුව දේහය රැගත් රිය පෙරහර ළගා නිවස වෙත ළගා වූයේ පස්වරු 1ට පමණයි.

ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ලබන 31 වනදා පස්වරුවේ හැටන් - නොර්වුඞ් - තොණ්ඩමන් ක්‍රීඩාංගනයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories