රටවල් 123ක 42,500ක ශ්‍රී ලාංකිකයන්, දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් - ගුවන්ගතවීමට පෙරම පී.සී.ආර්. පරීක්ෂණ

Saturday, 30 May 2020 - 7:37

%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+123%E0%B6%9A+42%2C500%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B4%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%86%E0%B6%BB%E0%B7%8A.+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
විදෙස්ගතව සිටින මෙරට විගාමික ශ්‍රමිකයන් ඔවුන්ගේ ඉල්ලීම් පරිදි යළි දිවයිනට ගෙන්වා ගැනීම අඛන්ඩව සිදුකෙරෙන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

මැදපෙරදිග සහ අනෙකුත් කලාපවල සිටින විශේෂයෙන් තමන් සිටින රටවල නීත්‍යානුකූලභාවය හෝ රැකියා අහිමිවූවන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති.

කොවිඩ් 19 කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එම පියවරට එළඹෙන බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

එහිදී නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින සංඛ්‍යාව ඉහළ යාම තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතිවන බලපෑම ද සැලකිල්ලට ගැනෙනවා.

පසුගියදා කුවේටයෙන් රැගෙන ආ ශ්‍රමිකයන් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම අවධානයට යොමුවී ඇති කරුණක්.

මේ හේතුවෙන් ඉදිරියේදී දිවයිනට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන් නංවා ගැනීමට පෙර පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට ද සැලසුම් කෙරෙනවා.

විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරන පරිදි පසුගිය 27 වනදා වනවිට රටවල් 123ක ශ්‍රී ලාංකිකයන් 42,522 ක් දිවයිනට පැමිණීම සඳහා අයදුම් කර තිබෙනවා.

ඉන් 34,881ක් විගාමික ශ්‍රමිකයන් වන අතර, එයින් ද 20,893ක් මැදපෙරදිග සේවයේ නිරතව සිටින අයයි.


නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගය ලොරියක් සමඟ ගිලා බසියි (වීඩියෝ)
Friday, 03 July 2020 - 18:36

නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට... Read More

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට පංච පුද්ගල කමිටුවක්
Friday, 03 July 2020 - 18:27

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන... Read More

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ගැන සැකයක් තබා ගැනීමට හේතුවක් නැතැයි ICC දූෂණ විරෝධී ඒකකය කියයි
Friday, 03 July 2020 - 18:16

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ සැකයක් තබා ගැනීමට... Read More