රජයේ මුද්‍රණාලයේ අභ්‍යන්තර කටයුතු කාර්යක්ෂම කරයි

Saturday, 30 May 2020 - 7:56

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ මහලේකම් කාර්යාලය, රජයේ මුද්‍රණාලයට සිදුකළ දැනුම් දීමත් සමඟ අභ්‍යන්තර කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා රජයේ මුද්‍රණාලය මේ වනවිට වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ එහි සේවකයන්ගෙන් දැනට තුනෙන් එකක් පමණක් සේවයට වාර්තා කරන බැවින් අවශ්‍යතාවය පරිදි සියලු සේවකයින් ගෙන්වා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ කියා සිටියේ.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු කල් දැමීමට මීට පෙර තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් පිළිබද තීන්දුව ලැබීමෙන් පසු ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු සඳහා ඉඩ සැලසෙනු ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය රජයේ මුද්‍රණාලයට පසුගියදා යළි දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව, ඊට අවශ්‍ය විශේෂිත කඩදාසි පවා සපයා ගනිමින් ඒ සඳහා සූදානමින් සිටින බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේ.

මේ අතර, දැනට පැවරී ඇති ව්‍යවස්ථාපිත කටයුතු සිදුකරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.


මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2067ක් වෙයි
Friday, 03 July 2020 - 19:43

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

CID නිලධාරීන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවසින් පිටව යයි
Friday, 03 July 2020 - 19:37

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම... Read More

නීතිපති, පොලීසිපති ගැන කනස්සල්ලෙන්
Friday, 03 July 2020 - 19:31

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිදුවීම් හේතුවෙන් එම... Read More