ශ්‍රේෂ්ඨාධිකරණය පළමු වරට අද සෙනෙසුරාදා රැස්වේ

Saturday, 30 May 2020 - 7:59

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය අද සෙනෙසුරාදා දිනයේ නඩු කටයුතු සඳහා රැස්වනවා.

ඒ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ කැඳවීමට නොහැකි වූ නඩු කටයුතු කිහිපයක් වෙනුවෙන්.

සාමාන්‍යයෙන් නඩු විභාගයන් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවෙන්නේ සතියේ දිනවලදී පමණක් වන අතර, ඒ අනුව, මෙය අධිකරණ ඉතිහාසයේ වැදගත් සිදුවීමක් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙබ් අඩවිය තුලද තොරතුරු ඇතුළත් කර ඇති අතර ඒ අනුව, මූලික අයිතිවාසිකම් පෙත්සම්, ඇපෑල සහ රීට් පෙත්සම් කිහිපයක් අද මෙලෙස කැඳවීමට නියමිත බව සඳහන්.

අදාළ පෙත්සම් ඉදිරියේදී කැඳවීම සඳහා දින නියම කිරීම අද දිනයේදී සිදුකිරීමට නියමිත බවයි හිරු අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.


නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගය ලොරියක් සමඟ ගිලා බසියි (වීඩියෝ)
Friday, 03 July 2020 - 18:36

නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට... Read More

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට පංච පුද්ගල කමිටුවක්
Friday, 03 July 2020 - 18:27

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන... Read More

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ගැන සැකයක් තබා ගැනීමට හේතුවක් නැතැයි ICC දූෂණ විරෝධී ඒකකය කියයි
Friday, 03 July 2020 - 18:16

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ සැකයක් තබා ගැනීමට... Read More