ශ්‍රේෂ්ඨාධිකරණය පළමු වරට අද සෙනෙසුරාදා රැස්වේ

Saturday, 30 May 2020 - 7:59

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය අද සෙනෙසුරාදා දිනයේ නඩු කටයුතු සඳහා රැස්වනවා.

ඒ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ කැඳවීමට නොහැකි වූ නඩු කටයුතු කිහිපයක් වෙනුවෙන්.

සාමාන්‍යයෙන් නඩු විභාගයන් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවෙන්නේ සතියේ දිනවලදී පමණක් වන අතර, ඒ අනුව, මෙය අධිකරණ ඉතිහාසයේ වැදගත් සිදුවීමක් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙබ් අඩවිය තුලද තොරතුරු ඇතුළත් කර ඇති අතර ඒ අනුව, මූලික අයිතිවාසිකම් පෙත්සම්, ඇපෑල සහ රීට් පෙත්සම් කිහිපයක් අද මෙලෙස කැඳවීමට නියමිත බව සඳහන්.

අදාළ පෙත්සම් ඉදිරියේදී කැඳවීම සඳහා දින නියම කිරීම අද දිනයේදී සිදුකිරීමට නියමිත බවයි හිරු අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories