ලොව පුරා කොරෝනා ආසාදිතයන් 60 ලක්ෂය ඉක්මවයි - ඇමරිකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, ඉවත් කර ගන්නා බව ට්‍රම්ප් කියයි

Saturday, 30 May 2020 - 8:02

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+60+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%2C+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට හැට ලක්ෂය ඉක්මවා තිබෙනවා.

එමෙන්ම, කොරෝනා මරණ තුන් ලක්ෂ 66,000ක් ද වාර්තා වුණා.

ඉන් මරණ එක්ලක්ෂ 4500ක්ම වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

එරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව දාහත් ලක්ෂ 93,000ක්.

බ්‍රසීලයෙන් ආසාදිතයන් හාරලක්ෂ 68,000ක් වාර්තා වන අතර, එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 28,000කට ද ආසන්න වී තිබෙනවා.

ලොව කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ රටවල් අතර 9 වන ස්ථානය දැන් හිමිව ඇත්තේ ආසාදිතයන් එක්ලක්ෂ 73,000ක් සහ මරණ 4980ක් වාර්තා වන ඉන්දියාවටයි.

මේ අතර, ධවල මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත තර්ජනාංගුලියක් එල්ල කළා.

ඔහු කියා සිටියේ ජගත් සංවිධානයේ සෞඛ්‍ය නියෝජිතායතනය චීනයේ රූකඩයක් ලෙස කටයුතු කරන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ඇමරිකානු සබදතා ඉවත් කර ගන්නා බව පැවසූ ජනපති ට්‍රම්ප් ඒ වෙත මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවන බව යළි ප්‍රකාශ කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය දින 30ක් තුළ ප්‍රතිසංස්කරණය කරන ලෙස ජනපති ට්‍රම්ප් දන්වා ඇත්තේ ඇමරිකාව එය වෙත වසරකට ඩොලර් මිලියන 450ක් ලබාදීමට හිලව්වක් ලෙසින්.

කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප් බලයට පැමිණි දා පටන් ඇමරිකාවට ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණෙන් කටයුතු කරන අතර, ජගත් සංවිධානය මගින් ප්‍රවර්ධනය කරන අගයන් ප්‍රශ්න කරනු ලබනවා.

ඒ යටතේ ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන්, යුනෙස්කෝවෙන් මෙන්ම කාලගුණ වෙනස පාලනය කිරීමට ක්‍රියාත්මක ලෝක සම්මුතියෙන් මෙන්ම ඉරානය සමඟ ඇති කර ගත් න්‍යෂ්ටික ගිවිසුමෙන් ද ඇමරිකාව ඉවත් කර ගැනීමට කටයුතු කළා.


නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගය ලොරියක් සමඟ ගිලා බසියි (වීඩියෝ)
Friday, 03 July 2020 - 18:36

නාවලපිටිය - තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට... Read More

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට පංච පුද්ගල කමිටුවක්
Friday, 03 July 2020 - 18:27

කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන... Read More

2011 ලෝක කුසලානයේ අවසන් මහා තරගය ගැන සැකයක් තබා ගැනීමට හේතුවක් නැතැයි ICC දූෂණ විරෝධී ඒකකය කියයි
Friday, 03 July 2020 - 18:16

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ සැකයක් තබා ගැනීමට... Read More