ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් නැවතත් වාර්තාගත ලෙස ඉහළට

Saturday, 30 May 2020 - 9:37

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 7964ක් වාර්තා වී තිබෙනවා.

එය ඉන්දියාවේ මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩි ආසාදිතයින් සංඛ්‍යාවයි.

7000 ඉක්ම වූ කොරෝනා ආසාදිතයන් ඉන්දියාවෙන් හමුවූ අඛණ්ඩ දෙවන දිනය ද මෙයයි.

ඊට පෙර දින 8ක්ම දිනකට 6000කට වැඩි කොරෝනා ආසාදිතයන් ඉන්දියාවෙන් වාර්තා වුණා.

එමෙන්ම, ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා මරණ 4971ක් ද වාර්තා වී තිබෙනවා.

ඒ, ගත වූ පැය 24 තුළ සිදුවූ මරණ 265ක් ද සමඟයි. ඒ අනුව ඉන්දියාව කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ 9 වන රට ලෙස තවදුරටත් පවතිනවා.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මහා රාෂ්ට්‍ර, තමිල්නාඩු සහ තෙලංගානා යන ප්‍රාන්තවලයි.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More