යුරෝපා සංගමය සහ දකුණු කොරියාව කොරෝනා ඖෂධයක් රැස් කරයි

Saturday, 30 May 2020 - 10:32

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%96%E0%B7%82%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට ලබාදීමේදී සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් රෙම්ඩෙසිවිර් වෛරස් නාශක ඖෂධය එක්රැස් කිරීමට යුරෝපීය රටවල් රැසක් මෙන්ම දකුණු කොරියාව පියවර ගනිමින් සිටින බව වාර්තා වනවා.

කෙසේ නමුත්, අදාළ ඖෂධය නිෂ්පාදනය කරන සමාගමට මෙතෙක් අදාළ රටවල නියාමනයේ අනුමැතිය ලැබී නොතිබීම විශේෂත්වයක්.

රෙම්ඩෙසිවිර් ඖෂධය නව කොරෝනා වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකර්මයක් ලෙස ලබාදීමට ඇමරිකානු ඖෂධ නියාමන අධිකාරිය පසුගිය දා අනුමැතිය ලබාදුන්නා.

එම ඖෂධය නිෂ්පාදනය කරන ඇමරිකානු සමාගම ප්‍රකාශ කළේ රෝගීන් එක්ලක්ෂ 40,000කට ලබාදීම සඳහා රෙම්ඩෙසිවිර් ඖෂධ මාත්‍රා මිලියන 1.5ක් පරිත්‍යාග කිරීමට සූදානම් බවයි.

කෙසේ නමුත්, කොරෝනා වෛරස් ආසාදනයට නිශ්චිත ප්‍රතිකර්මයක් හෝ එන්නතක් මෙතෙක් නිෂ්පාදනය කර නැහැ.


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 12 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (වීඩියෝ)
Thursday, 02 July 2020 - 16:39

හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස්... Read More

වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
Thursday, 02 July 2020 - 16:28

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන්... Read More