යුරෝපා සංගමය සහ දකුණු කොරියාව කොරෝනා ඖෂධයක් රැස් කරයි

Saturday, 30 May 2020 - 10:32

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%96%E0%B7%82%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට ලබාදීමේදී සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් රෙම්ඩෙසිවිර් වෛරස් නාශක ඖෂධය එක්රැස් කිරීමට යුරෝපීය රටවල් රැසක් මෙන්ම දකුණු කොරියාව පියවර ගනිමින් සිටින බව වාර්තා වනවා.

කෙසේ නමුත්, අදාළ ඖෂධය නිෂ්පාදනය කරන සමාගමට මෙතෙක් අදාළ රටවල නියාමනයේ අනුමැතිය ලැබී නොතිබීම විශේෂත්වයක්.

රෙම්ඩෙසිවිර් ඖෂධය නව කොරෝනා වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකර්මයක් ලෙස ලබාදීමට ඇමරිකානු ඖෂධ නියාමන අධිකාරිය පසුගිය දා අනුමැතිය ලබාදුන්නා.

එම ඖෂධය නිෂ්පාදනය කරන ඇමරිකානු සමාගම ප්‍රකාශ කළේ රෝගීන් එක්ලක්ෂ 40,000කට ලබාදීම සඳහා රෙම්ඩෙසිවිර් ඖෂධ මාත්‍රා මිලියන 1.5ක් පරිත්‍යාග කිරීමට සූදානම් බවයි.

කෙසේ නමුත්, කොරෝනා වෛරස් ආසාදනයට නිශ්චිත ප්‍රතිකර්මයක් හෝ එන්නතක් මෙතෙක් නිෂ්පාදනය කර නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories