වෙඩි වැදුණු මොරටුව හෝටලය අසල රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් (වීඩියෝ)

Saturday, 30 May 2020 - 12:11

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BA%E0%B7%99%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මොරටුව - සොයිසාපුර මාර්ග බාධකය ඉදිරිපිට පිහිටි ආපනශාලාවකට සුදුපැහැති මෝටර් රථයකින් පැමිණි මැරකල්ලියක් විසින් වෙඩි තබා පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි මෙලෙස ඔවුන්ගේ වැඩ තහනම් කර ඇත්තේ වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සහ නොකිරීම ඇතුලූ කරුණු කිහිපයක් මතයි.

පෙරේදා රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකිරීමට පෙර පසුගිය 19 වනදා මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ ආපනශාලාවට ඇතුලූවී දැඩි ලෙස අලාභහානි සිදුකර ඇති අතර, එක් පුද්ගලයෙකුටද පහරදී තුවාල සිදුකර පලාගොස් තිබුණා.

ප්‍රදේශයේ මැර කල්ලියක් අවස්ථා ගණනාවකදී මෙම ආපනශාලා හිමිකරුගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කර ඇති අතර, ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි ආපනශාලා හිමිකරු සඳහන් කර ඇත්තේ.





\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More