මැතිවරණය සඳහා සෞඛ්‍ය නිර්දේශ ගැන සාකච්ඡාවක්

Saturday, 30 May 2020 - 12:56

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මැතිවරණ කටයුතු සඳහා වන සෞඛ්‍ය නිර්දේශ පිළිබඳව සොයා බැලීමේ සාකච්ඡාවක් ඊයේ මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වුණා.

ඒ, එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් සහ උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අතරයි.

මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය නිර්දේශ කෙසේ ක්‍රියාත්මක විය යුතු ද යන්න මෙහිදී සාකච්ඡා කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියා.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම, ඡන්ද රැස්වීම් සහ කාර්යාල පවත්වාගෙන යාම හා ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ආදී කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

අදාල සෞඛ්‍ය නිර්දේශ ඉදිරි දින කිහිපයේදී සෞඛ්‍ය බලධාරීන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිළ වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories