පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ අඛණ්ඩව - අගමැති මහනුවර දී කියයි (වීඩියෝ)

Saturday, 30 May 2020 - 13:04

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අද පෙරවරුවේ මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

මහනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා පළමුවෙන්ම ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගත් අතර, ඉන් අනතුරුව මල්වතු මහා විහාරයට ගොස් එහි මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් සහ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැදුටුවා.

පසුව අස්ගිරි මහා විහාරයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහි මහනායක අතිපූජ්‍ය වරකාපොල ශ්‍රී ඤාණරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories