මාලි - ජගත් සාම සාධක භටයන් දෙදෙනෙකුත්, කොරෝනාවට බිළිවෙයි

Saturday, 30 May 2020 - 13:18

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%B7%E0%B6%A7%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 7964ක් වාර්තා වී තිබෙනවා.

එය ඉන්දියාවේ මෙතෙක් දිනකදී වාර්තා වූ වැඩි ආසාදිතයින් සංඛ්‍යාවයි. 7000 ඉක්ම වූ කොරෝනා ආසාදිතයන් ඉන්දියාවෙන් හමුවූ අඛණ්ඩ දෙවන දිනය ද මෙයයි.

එමෙන්ම, ඉන්දියාවෙන් මේ වන විට කොරෝනා මරණ 4971ක් ද වාර්තා වී තිබෙනවා.

ඒ, ගත වූ පැය 24 තුළ සිදුවූ මරණ 265ක් ද සමඟයි. ඉන්දියාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මහා රාෂ්ට්‍ර, තමිල්නාඩු සහ තෙලංගානා යන ප්‍රාන්තවලයි.

මේ අතර, අප්‍රිකානු මාලි රාජ්‍යයේ ජගත් සාම සාධක සෙබලූන් දෙදෙනෙකු කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ කළේ කාම්බෝජයෙන් සහ එල් - සැල්වදෝර් රාජ්‍යයෙන් පැමිණි සාම සාධක භටයන් දෙදෙනෙකු මෙලෙස කොරෝනා වෛරසයෙන් මිය ගොස් ඇති බවයි.

එමෙන්ම, ජගත් සාම සාධක මෙහෙයුම්වල නිරත 137 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 90 දෙනෙකුම මාලි රාජ්‍යයේ යොදවා ඇති අයයි.

කොරෝනා වෛරස් ආසාදිත රෝගීන්ට ලබාදීමේදී සාර්ථක ප්‍රතිඵල අත්කර දුන් රෙම්ඩෙසිවිර් වෛරස් නාශක ඖෂධය එක්රැස් කිරීමට යුරෝපීය රටවල් රැසක් මෙන්ම දකුණු කොරියාව පියවර ගනිමින් සිටින බව වාර්තා වනවා.

කෙසේ නමුත්, අදාළ ඖෂධය නිෂ්පාදනය කරන සමාගමට මෙතෙක් අදාළ රටවල නියාමනයේ අනුමැතිය ලැබී නොතිබීම විශේෂත්වයක්.

රෙම්ඩෙසිවිර් ඖෂධය නව කොරෝනා වෛරස් ආසාදිතයන්ට ප්‍රතිකර්මයක් ලෙස ලබාදීමට ඇමරිකානු ඖෂධ නියාමන අධිකාරිය පසුගිය දා අනුමැතිය ලබාදුන්නා.