ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිවරිය ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර 2016 වසරේ දෙසැම්බර් 5 වන දා මිය ගිය ජයලලිතා ජයරාම්ගේ දේපළ, මාධ්‍යවේදිනියක වන ඇගේ ඥාති දියණියකට පිරිනැමීමට මදුරාසි අධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දීපා මාධවන් නැමති ඇයට සහ ඇගේ සොහොයුරු දීපක්ටයි ජයලලිතාගේ දැවැන්ත ධන සම්භාරය හිමි වන්නේ.
දීපා මාධවන්, ජයලලිතා ජයරාම්ගේ වැඩිමහල් සොහොයුරාගේ දියණියයි.
ඇය, මදුරාසි සරසවියේ සහ මධුරෙයි විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය පිළිබදව මූලික සහ පශ්චාත් උපාධි ලබා ඇති අතර, වේල්සයේ කාඩිෆ් සරසවියෙන් ජාත්‍යන්තර ජනමාධ්‍යවේදය පිළිබද දර්ශනපති උපාධිය ද හිමි කරගෙන තිබෙනවා.
මදුරාසි අධිකරණයේ තීන්දුව අනුව චෙන්නායි නුවර ජයලලිතාගේ පොයෙස් ගාර්ඞ්න්, මන්දිරය මෙන්ම අක්කර දහසක වතුයායක් සහ හයිද්‍රාබාදයේ මිදි වත්තක් ද දීපා මාධවන්ට හිමි වනු ඇති.
ජයලලිතා සතුව කිලෝ 21කට වැඩි රන් තොගයක් මෙන්ම ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්ම වූ චංචල සහ නිශ්චල දේපළ පැවතුණා.

Follow US
Most Viewed Stories