ජනපති සෝමාවතී පුද බිමේ ආගමික වතාවත්වල (වීඩියෝ)

Saturday, 30 May 2020 - 16:03

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුද බිමේ පැවති ආගමික වතාවත්වලට එක්වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පෙරවරුවේ ජනතාවට සහ රටට සෙත් පතා මෙම ආගමික වතාවත් පැවති බවයි.

සෝමාවතී පුද බිමට පැමිණි ජනාධිපතිවරයා විහාරාධිපති පූජ්‍ය හමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

එමෙන්ම සෝමාවතී සෑ රදුන් වෙත සිදු කෙරුනු කප්රුක් පූජාවකට ද ජනාධිපතිවරයා එක්වුනා.

සෝමාවතී පුද බිම බොහෝ අවස්ථාවල ගංවතුර තත්වයන්ට ද ලක්වනවා.

සෝමාවතිය රජමහා විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම අනුව, එවැනි ආපදා තත්වයකදී සහය විය හැකි ආකාරයෙන් ගුවන් හමුදාව ඉදිකළ හෙලිකොප්ටර් යානා අංගනය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් විවෘත කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මැතිවරණ පවත්වන ලෙස පවතින රජයෙන් ඉල්ලා සිටීම විපක්ෂයේ කාර්යභාරය වුව ද, වර්තමාන විපක්ෂය එය කල්දැමීමට උත්සාහ කරන බවයි.

අනතුරුව මල්වතු විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දින සිය 77 වන ඡන්ම දිනය සමරන මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

පසුව, එම පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අස්ගිරි මහා විහාරයට ද පැමිණි අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සභාවේ හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories