අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන්ගේ දේහයට හිටපු ජනපතිගෙන් අවසන් ගෞරව (වීඩියෝ)

Saturday, 30 May 2020 - 17:03

%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අවසන් ගෞරව දැක්වූවා.

ඒ කොත්මලේ රම්බොඩ වැවන්ඩන් වතුයායේ පිහිටි නිවසේදීයි.

එහිදී හින්දු චාරිත්‍රානුකූල ආගමික වතාවත් සහ බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය මහජන ගෞරවය සඳහා කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් පදනම් කාර්යාලයේ තැන්පත් කරනු ලැබුවා.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් පසුගිය 26 වනදා පස්වරුවේ හදිසි හෘද්‍යාබාධයකින් ජීවීතක්ෂයට පත්වුනා.

තිදරු පියෙක් වන ඔහු මියයන විට 55වන වියෙහි පසුවූ අතර අමාත්‍යවරයාගේ 56 වන උපන්දිනය ද ඊයේ (29)ට යෙදී තිබුනා.

අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු හෙට (31) රාජ්‍ය අනුග්‍රහය සහිතව නෝර්වුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.





අකිල විරාජ් යනු පොඩි ළමයෙක් - රංජිත් මද්දුම බණ්ඩාර (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 18:21

සියලු එක්සත් ජාතික පාක්ෂිකයින් අද සිටින්නේ සජිත් ප්‍රේමදාස... Read More

බඹර ප්‍රහාරයකින් වෙන්මෝර් වතුයායේ කම්කරුවන් 35 ක් රෝහලේ (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 17:43

ආගරපතන - වෙන්මෝර් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන්... Read More

වැඩිවූ විදුලි බිල්පත් ගැන පංචපුද්ගල කමිටුවේ වාර්තාව ඇමතිට
Tuesday, 07 July 2020 - 17:34

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග පැනවූ ඇඳිරි නීතිය පැවති අප්‍රේල්... Read More