කොටි හිතවාදින්ගේ ග්‍රහනයට හසුවූ වෙබ් අඩවි යථා තත්ත්වයට (වීඩියෝ)

Saturday, 30 May 2020 - 19:32

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මෙරට ප්‍රමුඛතම ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන hirunews.lk වෙබ් අඩවියට පසුගිය 18 වනදා කොටි හිතවාදී සංවිධානයක් සයිබර් ප්‍රහාරයක් එල්ල කළ අතර, අද තවත් කොටි හිතවාදී සංවිධානයක් මෙරට රාජ්‍ය වෙබ් අඩවි දෙකක් ඉලක්ක කර තිබුණා.

ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියයි.

විගමනික ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳ යාවත්කාලීන කළ තොරතුරු දැන ගැනිම සඳහා අප අද පෙරවරුවේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමට උත්සාහ කළා.

එහිදී අපට දක්නට ලැබුණේ දෙමළ ගීතයක අනුවාදනයක් පසුබිමේ වාදනය වද්දී තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති කොටි සංවිධානයේ ලාංඡනයයි.

එහි පහළින් දෙමළ ඊලාම් සයිබර් ෆෝස් නමැති කණ්ඩායමක් සටහනක් ද යොදවා තිබුණා.

කොටි ත්‍රස්තවාදීන් දියත් කළ ඊලාම් යුද්ධයේ ඡායාරූප පෙළක් ද එහි දක්නට ලැබුණු අතර, මීට වසර 39කට පෙර 1981 වසරේ මැයි 31 වනදා ගිනිබත් කෙරුණු යාපනය පුස්තකාලයේ ඡායාරූපයක් ද එහි දක්නට ලැබුණා.

මේ අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ද අද පෙරවරුවේ මෙම සයිබර් ප්‍රහාරය එල්ල වුණා.

එය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවයි එම අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි ප්‍රකාශ කළේ.

කොටි හිතවාදී දෙමළ ඊලාම් සයිබර් ආම් නමැති මෙම සංවිධානය විසින් මෙරට ප්‍රමුඛතම වෙබ් අඩවිය වන hirunews.lk අපගේ වෙබ් අඩවියට ද මෙවැනිම සයිබර් ප්‍රහාරයක් එල්ල කළේ පසුගිය 18 වනදායි.

30 වසරක් මෙරට වෙලා ගත් කුරිරු ත්‍රස්තවාදය පරදා වසර 11ක් ගත වුව ද, කොටි හිතවාදී බලල් අත් තවමත් ක්‍රියාත්මක බවට මෙය හොඳම නිදසුනක් බවයි මහා සංඝරත්නය මෙන්ම ජනතා නියෝජිතයින් ද පෙන්වා දෙන්නේ.

මේ අතර, එල්.ටී.ටී.ඊ. ය යුදමය ලෙස සාර්ථකව මර්දනය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුව ද ඔවුන් මතවාදාත්මක පරාජය කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි ජාතික ආරක්ෂක පර්යේෂණ ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අසංග අබේගුණසේකර පෙන්වා දෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories