හොරණ යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම නිසා සමීපව ඇසුරු කළ පවුල් 3ක් නිරෝධායනයට (වීඩියෝ)

Saturday, 30 May 2020 - 19:44

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%AB+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%B4%E0%B7%80+%E0%B6%87%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය අසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ තවත් 27 දෙනෙකු අද රෝහල්වලින් නික්ම යාමත් සමග සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 781 දක්වා ඉහළ ගියා.

එසේම, අද දිනයේදී නව ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වූ අතර, මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1563ක් ලෙසයි. අද මෙතෙක් වාර්තා වූ ආසාදිතයින් සියලූදෙනා නාවික හමුදා සාමාජිකයින්.

මේ අතර, කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388 දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කළා.

වෛරසය ආසාදිතව තවත් රෝගීන් 770 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, හොරණ - කඳන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග පවුලේ සාමාජිකයින් ඇතුළු ඔහු සමීපව ඇසුරු කළ පවුල් 3ක පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමුකළ බව මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි එරන්දි කුලරත්න ප්‍රකාශ කළා.

එම යුද හමුදා නිලධාරියා පැමිණි බවට හඳුනා ගත් හොරණ නගරයේ වෙළඳසැල් 4ක් ද වසාදමා ඒවායේ සේවක සේවිකාවන් 30 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනය කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අදාළ යුද හමුදා නිලධාරියා කටුනායක ගුවන්තොටුපලේ රාජකාරි කටයුතු සිදුකර නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර, පසුව යළි රාජකාරියට වාර්තා කිරීමේදීයි කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත්තේ.

මේ අතර, කොළඹ කොටුව - සර් බාරොන් ජයතිලක මාවතේ පිහිටි ගෆූර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම ගොඩනැගිල්ල අවට සිටින පුද්ගලයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ලබා ගැනීම අද කොළඹ මහනගර සභාව මගින් සිදුකළා.

මේ අතර,  ඕස්ට්‍රේලියාවේ - මෙල්බන් නුවර සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් 286 දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එසේම, සිය සේවා කාලය අවසන් වීම හේතුවෙන්  ඕමානයේ රැදී සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ඇතුලූ පිරිසක් ගැටලූ රැසකට මුහුණපා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වනවා.

අප මේ සම්බන්ධයෙන්  ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්මාල්ගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා දහසක පමණ පිරිසක් තානාපති කාර්යාලය හරහා ලියාපදිංචි වී ඇති බවයි.

ඔවුන්ගෙන් වෛද්‍යවරුන් ඇතුළු නිලධාරින් 400ක් පමණ විශේෂ ප්‍රමුඛතා ලේඛනයකට ඇතුළත් කර ඇති බවත්, අවස්ථාවක් ලද සැණින් එම පිරිස ශ්‍රී ලංකාව වෙත පිටත් කර එවීමට සූදානම් බවත්  ඕමානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළා.

බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත වියළි සලාක සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් ඔවුන් පිළිබඳ සොයා බැලීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

එහෙත්, බහරේනයේ වෙසෙන තවත් තරුණයින් පිරිසක් සිය ගැටලූ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයට තවත් වීඩියෝවක් නිකුත් කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories