ඉන්දියාවෙන් මොස්කව් ගිය ගුවන් යානයක නියමුවාටත් කොරෝනා

Saturday, 30 May 2020 - 20:22

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F
රුසියාවේ රැදී සිටින ඉන්දියානුවන් පිරිසක් රැගෙන ඒම සඳහා නවදිල්ලි සිට පිටත්ව ගිය එයාර් ඉන්දියා ගුවන් යානයක නියමුවෙකුට කොරෝනා වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් අදාළ ගුවන් යානය ආපසු හරවා නවදිල්ලි වෙත කැඳවීමට බලධාරින් පියවර ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් ගමන ආරම්භ කිරීමට පෙර එම ගුවන් නියමුවාට කොරෝනා ආසාදිත බව තහවුරු නොවීම පිලිබඳ ගුවන් බලධාරින් මේ වනවිට විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, රුසියාවේ රැදී සිටින ඉන්දීය ජාතිකයන් රැගෙන ඒම සඳහා වෙනත් ගුවන් යානයක් පිටත් කර හැර ඇති අතර, කොරෝනා ආසාදිත නියමුවා සමග කටයුතු කළ එයාර් ඉන්දියා කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමුකළ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ලොවපුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 6,066,863ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 367,436ක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories