ජනාවාසකරණය වන දෙවනගල (වීඩියෝ)

Saturday, 30 May 2020 - 21:19

%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B6%9C%E0%B6%BD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඓතිහාසික දෙවනගල රජමහා විහාරය අවට භූමිය අනවසරයෙන් ආක්‍රමණය කරමින් එම ඓතිහාසික භූමිය ජනාවාසකරණයට ලක් කිරීමේ කූට ක්‍රියාවලියක් ගැන හිරු CIA වෙත වාර්තා වුණා.

මේ ඉඩම් සංහාරය විල්පත්තුව අවට වන කලාපය වනසා ජනාවාස ඉදිකිරීමේ විනාශයට සමාන බවයි හිරු CIA ගවේෂණයේදී හෙළිවුණේ.

හිරු සී.අයි.ඒ. හරහා පසුගිය දින කිහිපයේදීම අප හෙළිකලේ දෙවනගල පුදබිමට අයත් කුඹුරු ඉඩම් ගොඩඉඩම් බවට පත්කිරීමේ සංවිධානාත්මක ජාවාරම පිළිබදවයි.

ඊට අමතරව දෙවනගල පුදබිම පිහිටා ඇති අක්කර 72 ක ගල් පර්වතය පාමුල මුළුමනින්ම ජනාවාසකරණයට ලක්කිරීමේ සූක්ෂම ක්‍රියාවලියක්ද ලහි ලහියේ සිදුවෙමින් පවතිනවා.

ඒ මූලික අවශ්‍යතා පවා සපුරාගැනීමට නොහැකි පසුබිමකයි.

මේ ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී පෙනීයන්නේ විල්පත්තුව අවට වන බිම් වනසාදමමින් කුඩා නිවාස ඉදිකල පරිදිම මෙම ඉඩම් කොල්ලයද ක්‍රියාත්මක බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories