ඇමරිකාවේ අභ්‍යවකාශ ටැක්සි සේවාව සාර්ථකව ඇරඹේ

Sunday, 31 May 2020 - 8:39

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B6%A7%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ඇමරිකානු ස්පේස් එක්ස් ආයතනයේ පෞද්ගලික රොකට්ටුව ඩ‍්‍රැගන් කෲ, ඊයේ අභ්‍යවකාශගාමීන් දෙදෙනෙකු රැගෙන සාර්ථක ලෙස උඩුගුවන් ගතවුණා.

ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් අභ්‍යවකාශ යානය නික්මෙනු නැරඹීම සඳහා ජනයා වෙරළ තීරයට සහ අසළ මාර්ගවලට රොක්වූයේ කොවිඩ් 19 පාලන සීමාවන් නොතකමින්.

2011 වසරේ උඩු ගුවන් බස් රිය සේවාව විශ්‍රාම ගැන්වීමෙන් පසු ඇමරිකානු භූමියේ සිට අභ්‍යවකාශගාමීන් රැගත් යානයක් උඩුගුවන් ගතවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

2014 වසරේදී 30 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ඊලෝන් මස්ක්ගේ, ස්පේස් එක්ස් ආයතනයට නව අභ්‍යවකාශ යානය තැනීමේ කොන්ත්‍රාත්තුව හිමිවූයේ ඉන් අනතුරුවයි.

නව යානයෙන් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය වෙත යාම සඳහා එක්ව සිටින්නේ ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් යන පළපුරුදු අභ්‍යවකාශගාමීන් දෙදෙනායි.

මෙය පෞද්ගලික අභ්‍යවකාශ යානයක් මගින් උඩුගුවනට ගගනගාමීන් රැගෙනයන ප්‍රථම අවස්ථාවද වනවා.

ඩ‍්‍රැගන් කෲ, අභ්‍යවකාශ යානය, නාසා ආයතනයට අයත් නොවන අතර, එය ස්පේස් එක්ස් වෙතින් ලබාගත් උඩුගුවන් ටැක්සියක් ලෙසයි ඇතමුන් හඳුන්වන්නේ.

ස්පේස් එක්ස් අභ්‍යවකාශ යානය උඩුගුවන් ගතවීම නැරඹීම සඳහා ෆ්ලොරිඩාවට පැමිණ සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ඔහුට පෙර සිටි නායකයන් උඩුගුවනට ඇමරිකානුවන් යැවීම සඳහා විදේශ රටවල අනුකම්පාව අපේක්ෂා කළ බවයි.

ස්පේස් ෂටල් මෙහෙවර අවසන් කිරීමෙන් පසු අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් රැගෙන යාමට පැවති එකම විකල්පය වූයේ රුසියානු සෝයුස් අභ්‍යවකාශ යානායි.

නව අභ්‍යවකාශ යානයේ සාර්ථකත්වයෙන් ස්පේස් එක්ස් නිර්මාතෘ ඊලෝන් මස්ක් අමන්දානන්දයට පත්වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories