ලොව පුරා කොරෝනා මරණ 370,870ක්

Sunday, 31 May 2020 - 8:45

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+370%2C870%E0%B6%9A%E0%B7%8A
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 6153,379දක්වා ඉහළ ගොස් ඇති අතර, කොරෝනා මරණ 370,870ක්ද වාර්තාවනවා.

ඒ අතුරෙන් කොරෝනා මරණ 105,557ක් සහ ආසාදිතයන් 1,816,820ක් වාර්තාවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

බ්‍රසීලයෙන් දෙවනුව වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තාවන අතර, එය මේ වනවිට පන්ලක්ෂයකට ආසන්නයි.

ලතින් ඇමරිකාවේ කොරෝනා කේන්ද්‍රය වූ බ්‍රසීලයෙන් කොරෝනා මරණ 28,834ක්ද වාර්තාවුණා.

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඊයේ දිනයේ 8,000කට වැඩි සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇති අතර, එරටින් ආසාදිතයන් 181,827ක් වාර්තාවනවා.

ඉන්දියාවේ කොරෝනා මරණ මේ වනවිට 5,185 දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ වාර්තාවූ 200 ඉක්මවූ මරණ සංඛ්‍යාවත් සමඟයි.

ඉන්දියාවේ කොවිඩ් 19 පාලන සීමාවන් ජූනි 30 වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දීය රජය ඊයේ තීරණය කළා.

කෙසේ නමුත් වෛරස ආසාදනයේ ව්‍යාප්තිය අවම ප්‍රදේශවල එම සීමාවන් ලිහිල් කිරීම තවදුරටත් සිදුවන අතර, ලබන 8 වනදා සිට අවන්හල්, හෝටල්, සාප්පු සංකීර්ණ සහ ආගමික ස්ථාන ජනතාව සඳහා විවෘත කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories