ඊයේ දිනයේදී පී.සී.ආර් පරීක්ෂණ 1,727ක්

Sunday, 31 May 2020 - 8:52

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%86%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+1%2C727%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ 63,935ක් මේ වනවිට සිදුකර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

ඊයේ දිනයේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,727ක්.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයන් 1,620 දෙනෙකු වාර්තාවන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 781ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ.

ආසාදිතයන් 829 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. ඊයේ දිනයේ අවසන් වරට වාර්තාවූ අසාදිතයන් හත්දෙනා කටාර් සිට දිවයිනට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි පිරිසක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories