ආසාදිතයන් ඉහළ ගියත් ඉන්දියාව විවෘත කිරීම අඛණ්ඩව

Sunday, 31 May 2020 - 8:55

%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙනු පැනවුනු සීමාවන් ජූනි 30 වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

එම දැඩි සීමාවන් ක්‍රියාත්මක වන්නේ පසුගිය මාර්තු 25 වනදා සිටයි.

කෙසේ නමුත් වෛරසයේ ආසාදනය අවම ප්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදු කෙරෙන බවයි ඉන්දීය රජය නිවේදනය කළේ.

ඒ අනුව ලබන ජූනි 8 වනදා සිට සාප්පු සංකීර්ණ, හෝටල්, අවන්හල් සහ ආගමික ස්ථාන මහජනතාව සඳහා විවෘත වනවා.

අදියර කිහිපයකින් රට යළි විවෘත කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සඳහා නව මාර්ගෝපදේශ රැසක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජූලි මාසයේ සිට පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කිරීමටයි ඉන්දියාව සැළසුම් කර ඇත්තේ.

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට එක්ලක්ෂ 80,000 ඉක්මවා ඇති අතර, එරට කොරෝනා මරණ සංඛ්‍යාවද 5,000 කට අධිකයි.


මත් ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම අඛණ්ඩව (වීඩියෝ)
Monday, 06 July 2020 - 7:25

මත්කුඩු ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මෙරටින් සදහටම... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 885 දක්වා ඉහළට
Monday, 06 July 2020 - 7:19

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

ඉතියෝපියාවේ සිට 230ක් ශ්‍රී ලංකාවට
Monday, 06 July 2020 - 7:13

අප්‍රිකානු මහද්වීපයට අයත් රටක් වන ඉතියෝපියාවේ සිට ශ්‍රී... Read More