ගිනි අවි දෙකක් සහ ජීව අත් බෝම්බයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Sunday, 31 May 2020 - 9:21

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගිනි අවි දෙකක් සහ ජීව අත් බෝම්බයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුව ඊයේ දහවල් මෙම වැටලීම සිදුකර ඇත්තේ වැල්ලම්පිටිය පොලිසිය විසින්.

එහිදී මෙරට නිශ්පාදිත ගිනි අවියක්, ටී 56 උණ්ඩයක්, විදේශයක නිශ්පාදිත රිවොල්වරයක් සහ විදේශයක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයා ගැනුනා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පසුගිය 25 වනදා කොලොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතර කර තිබූ වෑන් රථයකට වෙඩි තැබීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි දෙදෙනෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

අවුරුදු 25 සහ 31 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා කොලොන්නාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන්.

ඔවුන් අද අලුත්කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories