ත්‍රී රෝද රථයකට වන අලියෙකු කළ පහරදීමකින් පියෙක් සහ දියණියක් තුවාල ලබයි (වීඩියෝ)

Sunday, 31 May 2020 - 10:05

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මැදවච්චිය පූනෑව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකට වන අලියෙකු කළ පහරදීමකින් එහි ගමන් කළ පියෙක් සහ දියණියක් තුවාල ලබා තිබෙනවා.

ඊයේ සවස පූනෑව සිට මැදවච්චිය දෙසට ගමන් කළ ත්‍රී රෝද රථය කැලෑබද ප්‍රදේශයකදී වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ දෙදෙනා මැදවච්චිය රෝහලට ඇතලත් කර තිබෙනවා.

යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ පූනෑව ප්‍රදේශයේදී දිවා කාලයේදී ද වන අලින් මාර්ගය හරහා ගමන් කරන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මෙම ප්‍රදේශයේදී වන අලි පහරදීමෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු මියගොස් ඇතැයි ද ඔවුන් සඳහන් කළා.

වන අලි මාර්ගය හරහා ගමන් කරන සීමාවේ අලි වැටක් ඉදිකර දෙන ලෙසට ඉල්ලීම් කළ ද මෙතෙක් නිසි පිළිතුරක් නොලැබුනු බව ප්‍රදේශවාසීන් කියාසිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories