මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට

Sunday, 31 May 2020 - 13:39

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9C%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ් අඩවියේ ප්‍රවෘත්ති සංස්කරණය කරන මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් යොදාගැනීමට සැරසෙනවා.

ඒ අනුව, මයික්‍රොසොෆ්්ට් - එම්.එස්.එන්. වෙබ් අඩවියේ කොන්ත්‍රාත් මාධ්‍යවේදීන් 50 දෙනෙකුට ලබන මාසය අවසානය වනවිට රැකියා අහිමිවනු ඇති බව සඳහන්.

අනෙකුත් තාක්ෂනික ආයතන මෙන් මයික්‍රොසොෆ්ට් ආයතනයද සිය වෙබ් අඩවියේ පළවන පුවත් සඳහා ප්‍රවෘත්ති ආයතනවලට ගෙවීම් සිදුකරනු ලබනවා.

එහෙත් එහි පළකළ යුතු ප්‍රවෘත්ති සහ ඒවා ඉදිරිපත් කළ යුතු ආකාරය තීරණය කරනු ලබන්නේ මාධ්‍යවේදීන් පිරිසක් විසින්.

මයික්‍රොසොෆ්ට් ආයතනය සඳහන් කළේ නිරන්තර ඇගයීමකට අදාළව මෙලෙස රොබෝවරුන් සේවය සඳහා යොදාගන්නා අතර, එය කොවිඩ් 19 ගෝලීය වසංගතයට සම්බන්ධ තත්ත්වයක් නොවන බවයි.

කෙසේ නමුත් රොබෝවරුන්ට තමන් මෙන් නිසි සංස්කරණ මාර්ගෝපදේශ පිළිපැදීමට හැකියාවක් නොමැති බව රැකියා අහිමිවන මයික්‍රොසොෆ්ට් මාධ්‍යවේදීන් පවසනවා.


ටාජ් මහල හෙට සිට යළි විවෘත වේ
Sunday, 05 July 2020 - 14:23

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස 3ක කාලයක් වසා දමා තිබූ ඉන්දියාවේ... Read More

නව සූකර උණ මිනිසාට පැතිරීමේ අවදානමක් නොමැති බව චීනය කියයි
Sunday, 05 July 2020 - 14:17

චීනයෙන් සොයා ගත් ජී - ෆෝ ලෙස නම් කෙරුණු නව සූකර වෛරසය මිනිසාට... Read More

ජපානයේ ජල ගැල්මෙන් 15 දෙනෙකු මියයයි
Sunday, 05 July 2020 - 10:58

ජපානයේ දකුණුදිග කියුෂු දිවයිනේ ජල ගැල්මෙන් පුද්ගලයන් 15 දෙනෙකු... Read More