සේවය කරන රෝහල තුළදී විවාහ වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයා සහ බ්‍රිතාන්‍ය ජාතික හෙදිය (වීඩියෝ)

Sunday, 31 May 2020 - 14:08

%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B7%80%E0%B7%96+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොවිඩ් 19 වසංගතය මැඩලීම වෙනුවෙන් ලොවපුරා සෞඛ්‍ය කාර්යමණ්ඩල නිළධාරීන් සිදුකරන්නේ අනුපමේය සේවයක්.

වසංගතයේ ව්‍යාප්තියත් සමග තමන් සේවය කරන රෝහල තුළදී විවාහ වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු සහ බ්‍රිතාන්‍ය ජාතික හෙදියක් සම්බන්ධයෙන් පුවතක් අපට එක්සත් රාජධානියෙන් වාර්තා වුණා.

කොවිඩ් 19 වසංගතය සීඝ්‍ර ව්‍යාප්තියත් සමග යුරෝපා කලාපයේ දැඩි බලපෑමක් එල්ල වූ රාජ්‍යයක් වන්නේ එක්සත් රාජධානියයි.
 
ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන 30 හැවිරිදි අනලාන් නවරත්නම්ට කොවිඩ් ඒකකයේ සේවය කිරීමට සිදුවූ නිසා සිය විවාහ මංගල උත්සවය කල්දැමීමට සිදුවුණා.

එම රෝහලේම හෙදියක් ලෙස සේවය කරන සිය 34 හැවිරිදි අයර්ලන්ත ජාතික පෙම්වතිය වන ජෑන් ටිපින්ග් ටත් නිදි වර්ජිතව කොවිඩ් රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැපවීමට සිදුවුණේ සිය පෞද්ගලික සතුට මිනිස් ජීවිත වෙනුවෙන් යටපත් කරගනිමින්.

කොවිඩ් 19 අවධානම තරමක් පහව ගියද සිය නෑදෑ හිත මිත්‍රාදීන් ශ්‍රී ලංකාවේ සහ අයර්ලන්තයේ සිට සිය විවාහ මංගල්‍යය උත්සවයට සහභාගි වීම තවමත් අනාරක්ෂිතයි සිතූ මේ ආදරණීය යුවල ඔවුන් සේවය කරන ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දේව සභාවකදී විවාහ ගිවිසගත්තා.

මේ ආදරණීය යුවලගේ විවාහයට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැංකොක්ගේ ද ට්විටර් සටහනක් තබමින් සිය සුබපැතුම් පරිනමා තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories