හිරු පුවතින් පසු මොණරාගල වට්ටක්කා ගොවීන්ට විසඳුම් (වීඩියෝ)

Sunday, 31 May 2020 - 14:26

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%9C%E0%B6%AB%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දැඩි අසීරුතාවයකට පත්ව සිටි මොණරාගල ප්‍ර දේශයේ වට්ටක්කා ගොවීන්ගේ ගැටළු වලට මේ වන විට විසඳුම් ලැබෙමින් පවතින බව එම ගොවීන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ හිරු ප්‍රවෘත්ති හරහා ඔවුන්ගේ ගැටලුව පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුකිරීමත් සමග වට්ටක්කා මිලදී ගැනීම සඳහා වෙළෙඳුන් පැමිණෙමින් සිටින බවයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ කහම්බානල ඉත්තෑකඩුවල පෙණගල්ලන්ද ඇතුළු ගමමාන කිහිපයක ගොවීන්ගේ වට්ටක්කා අසවැන්න විකුණාගැනීමට නොහැකිවීම හේතුවෙන් එම ගොවීන් දැඩි දුෂ්කරතාවකට මුහුණ පාමින් සිටි බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ පසුගියදා අනාවරණ කළා.

වට්ටක්කා ගොවීන්ගේ මෙම ගැටළුව සම්බන්ධයෙන් රටට අනාවරණ කිරීමත් සමඟම පෞද්ගලික අංශයේ වෙළෙඳුන් වට්ටක්කා අසවැන්න මිලදී ගැනීමට ඉදිරිපත්ව ඇති බවත් අවශ්‍ය වුවහොත් පමණක් රාජ්‍ය අංශයද මැදිහත් වීමට සූදානම් බව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා අප කල විමසීමකදී සඳහන් කළා. 

මේ අතර හිරු ප්‍රවෘත්ති ඔස්සේ වට්ටක්කා ගොවීන් මුහුණ දී ඇති දුෂ්කරතාවය පිළිබඳව අප කළ අනාවරණයෙන් පසු මේවන විට අස්වැන්න මිලදී ගැනීම සඳහා පෞද්ගලික වෙළෙඳුන් පැමිණෙන බව ගොවීන් පවසනවා.

කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ මේ සඳහා රජයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories