රාත්‍රී ආහාරය ප්‍රමාද වූවැයි සොහොයුරියට, මස්සිනාට සහ දරුවාට පහරදුන් පුද්ගලයෙකු රිමාන්ඩ්

Sunday, 31 May 2020 - 15:53

%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රාත්‍රී ආහාරය ප්‍රමාද වීම නිසා යාබද නිවසේ පදිංචිව සිටි තම වැඩිමහල් සොහොයුරියට සහ ඇයගේ ස්වාමි පුරුෂයාට මෙන්ම 6 හැවිරිදි දියණියට පහර දුන් පුද්ගලයෙකු ජුනි මස 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මොහු ඊයේ රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරු තල්පේ - කහවැන්නගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු කිසියම් මානසික ආබාධයකින් පෙළෙන බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

බිරිඳ හැර ගොස් ඇති නිසා මොහු යාබද නිවසේ පදිංචි සොහොයුරියකගේ නිවසින් ආහාරපාන ලබා ගන්නා බවට ද වාර්තා වුණා.

 


\
Wednesday, 08 July 2020 - 22:59

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

ටයරයක් හිසේ වැදී තුවාල ලැබූ පසිඳු යළි ජපුර සරසවියට ගිය ගමන (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 22:51

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවකවද සිද්ධියකදී ටයරයක්... Read More

රුපියල් විසිදහසේ දීමනාව නිවාසවලට මාස දෙකක කාලයක් ලබාදිය හැකියි
Wednesday, 08 July 2020 - 22:45

වත්මන් දේශපාලන තත්වය මෙන්ම ඉදිරි මැතිවරණය පිළිබඳව අද පැවති... Read More