කුරුණෑගල - මාවතගමට පළගැටි උවදුරක් - දඹුල්ලේ ගොවීන් පොහොර ඉල්ලයි (වීඩියෝ)

Sunday, 31 May 2020 - 19:23

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+-+%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%8B%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඇතැම් පිරිස් වැඩි වශයෙන් පොහොර මිලට ගෙන ගබඩා කර තබා ගැනීමෙන් පොහොර හිඟයක් ඇති බවට මවාපෑමේ උත්සාහයක නිරත වන බවට පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පොහොර හිඟයක් පවතින බවට ගොවීන් චෝදනා කළා.

ගොවිතැන් කටයුතු ආරම්භ කර තිබුණත් මේ දිනවල පවතින පොහොර හිඟය හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවටයි දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් කියා සිටියේ.

රට තුළ පොහොර හිඟයක් නොමැති බවට බලධාරීන් ප්‍රකාශ කළ ද කිසිදු ස්ථානයකින් පොහොර මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බව ද ඔවුන් පවසනවා.

කැකිරාව - මඩාටුගම ප්‍රදේශයේ ගොවීන් ද පසුගිය දා විරෝධතාවක නිරත වුණේ පොහොර ගැටළුවට විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

කෙසේ වෙතත්, පොහොර ලේකම් කාර්යාලයේ සභාපති මහේෂ් ගම්මන්පිළ සඳහන් කළේ ඇතැමුන් පොහොර ගබඩා කර තබා ගැනීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

වැඩි මිලට පොහොර මිලදී ගැනීමෙන් වළකින ලෙසට ද සභාපතිවරයා ගොවීන්ගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර, රංචු වශයෙන් කඩා වැදී වගා බිම් විනාශ කරන පළගැටි විශේෂයක් පිළිබදව කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. අදාළ පළගැටි විශේෂයෙන් මෙතෙක් නිශ්චිත හඳුනාගෙන නොමැති බවටයි වාර්තා වන්නේ. මඤ්ඤොක්කා, පොල්, බඩඉරිඟු, කෙසෙල්, කෝපි, අඹ ඇතුළු වගාවන් රැසකට මෙම පළගැටි විශේෂය හානි කරන අතර, දැනටමත් පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය මේ සමබන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් ඇතුළු පිරිසක් ඊයේ කුරුණෑගල - මාවතගම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

පිටෙහි කහ පැහැති ඉරි සහිත මෙම පළගැටියන් ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවකින් වාර්තා වූ පළගැටි විශේෂයට සමාන ද යන්න සෙවීම සඳහා මෙම පළගැටියන්ගේ සාම්පල ඉන්දීය කෘෂි පර්යේෂණ අංශ වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

එමෙන්ම, හිරු ප්‍රවෘත්ති අංශය කළ අනාවරණයත් සමඟ තම නිෂ්පාදන මිලට ගැනීම සඳහා පෞද්ගලික වෙළඳුන් පැමිණෙමින් සිටින බවට මොණරාගල ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් පවසනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories