ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි ගල්කිස්ස වෙරළ තීරයේ වෙරළ ඛාදනය අවම කර ගැනීම සඳහා රුපියල් මිලියන ගණනක වියදමින් ඉදිකළ කෘතීම වැලි පෝෂණ ව්‍යාපෘතිය මුහුදු ඛාදනයට ලක්ව ඇති බවට අපට වාර්තා වුණා.
මේට්ලන්ඩ්-ලොවීනා ප්‍රේම වෘත්තාන්තය ගැන සාක්ෂි දරණ ගල්කිස්ස වෙරළ තීරය, ‘රන්වන් සැතපුම’ ලෙස නම් දරා සිටින්නේ එහි පවතින ස්වභාවික සුන්දරත්වය හේතුවෙන්.
මෙම ගල්කිස්ස වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රිය ගමනාන්තයක්.
නමුත් පසුගිය දිනවල මෙම සුන්දර වෙරළ තීරය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වුණේ, වෙරළ තීරයේ පවතින ස්වාභාවික පිහිටීම වෙනස් කරමින් සිදු කල කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතියක් හේතුවෙන්.
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ විදේශීය සමාගමක් විසින් ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වුණේ ප්‍රදේශයේ වෙරළඛාදන තත්ත්වයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෙදීමයි.
ඒ අනුව ගල්කිස්ස, කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වූයේ පසුගිය අප්‍රේල් 16වනදායි.
අප්‍රේල් 22වනදා එහි වැඩ අවසන් වුණා.
මෙහිදී රත්මලාන වෙරළ තීරයේ සිට කිලෝමීටර් 6ක් ඇතින් පිහිටි වැලි නිධියකින් ගල්කිස්ස වෙරළ තීරයට වැලි මීටර් කියුබ් එක්ලක්ෂ 50000ක් පමණ පොම්ප කිරීම සිදු වුණා.
මෙම ව්‍යාපෘතිය සඳහා පරිසර තත්ත්ව වාර්තාවක් ලබාගෙන නොමැති බවට පරිසර සංවිධාන බොහෝමයක් එකල චෝදනා කළා.
රුපියල් කෝටි 89ක් වැය කළ මෙම කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය මාස එකහමාරක් තුළ මුහුදටම ගසා ගෙන ගොස් අවසන්.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් සිදු කළ, මෙම ව්‍යාපෘතිය හරහා බලධාරීන් අපේක්ෂා කළ අරමුණු ඉටු වුණාද..?
දින 40කට පමණක් සීමා වු මෙම කෘතිම වැලි පෝෂණ ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ ස්වභාවික පරිසරයට සිදුවූ ඇත්තේ මැනිය නොහැකි හානියක්.

Follow US
Most Viewed Stories