මියගිය කළු කොටියා උප විශේෂයක් ද ? - පේරාදෙණියෙන් විශේෂ අධ්‍යයනයක්

Monday, 01 June 2020 - 7:20

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%8B%E0%B6%B4+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF+%3F+-+%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නල්ලතන්නිය ප්‍රදේශයේ මන්දකට හසුවී සිටියදී මුදාගෙන උඩවලව ඇත් අතුරු සෙවනේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය කළු කොටියා උප විශේෂයක් දැයි තහවුරු කර ගැනීම සඳහා ජානමය ව්‍යුහය පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක සඳහන් කළේ මෙම කළු කොටියා උප විශේෂයක් බවට විවිධ මත පළ වන බවයි.

කෙසේ වෙතත්, ඒ පිළිබදව විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. සාම්පල ලබාගෙන ඒ පිළිබද ජානමය ව්‍යුහය කියවීම පිළිබද අධ්‍යයනයක් ආරම්භ කළ බවයි ඇය කියා සිටියේ.

ඉදිරි මාස දෙකක කාලය තුළ අදාළ අධ්‍යයනයේ වාර්තාව මත කළු කොටියා පිළිබද විද්‍යාත්මක තොරතුරු රැසක් අනාවරණ කර ගත හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක සඳහන් කළා.


තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
Tuesday, 07 July 2020 - 18:30

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

අකිල විරාජ් යනු පොඩි ළමයෙක් - රංජිත් මද්දුම බණ්ඩාර (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 18:21

සියලු එක්සත් ජාතික පාක්ෂිකයින් අද සිටින්නේ සජිත් ප්‍රේමදාස... Read More

බඹර ප්‍රහාරයකින් වෙන්මෝර් වතුයායේ කම්කරුවන් 35 ක් රෝහලේ (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 17:43

ආගරපතන - වෙන්මෝර් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන්... Read More