ජාඇළ ත්‍රිපෝෂ කම්හල වසා දැමේ ?

Monday, 01 June 2020 - 7:25

%E0%B6%A2%E0%B7%8F%E0%B6%87%E0%B7%85+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%9D%E0%B7%82+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A+%3F
බඩඉරිඟු ලබාගත නොහැකිවීම නිසා ජාඇළ ත්‍රිපෝෂ කම්හල වසා දමා ඇති බවට වාර්තාවනවා.

එහි සේවය කළ සේවකයින් 300 කට ආසන්න පිරිසක් මේ වනවිට කම්හල වසා දැමීම හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින බවත්, මෙම තත්වය සති 3ක් තිස්සේ පවතින බවත් අදාළ වාර්තා සඳහන් කළා.

මැයි මස මුල් සතියේ බඩඉරිඟු සඳහා පාලන මිලක් නියම කිරීමට රජය පියවර ගත් අතර, එය පැවතියේ කිලෝවක් සඳහා රුපියල් 55ක් ලෙසයි.

එහෙත් ඒ වනවිට ත්‍රිපෝෂ ආයතනය ටෙන්ඩර් කැඳවා මිලදී ගනිමින් තිබුණේ බඩඉරිඟු කිලෝවක් රුපියල් 58 කට බවයි වාර්තාවන්නේ.

පාලන මිල නියම කිරීමත් සමඟ එම මිලට ගැළපෙන පරිදි ටෙන්ඩර් කැඳවීමට ආයතනය යළි පියවර ගෙන ඇති අතර, මෙතෙක් එම මිලට ටෙන්ඩර් පත්‍රිකාවක් ඉදිරිපත් නොවීම නිසා මෙම ගැටළුව මතුව තිබෙනවා.

මේ හේතුවෙන් සති දෙකක සිට බඩඉරිඟු නොමැතිවීම නිසා ත්‍රිපෝෂ නිෂ්පාදනය ඇණහිට ඇති බවයි වාර්තාවන්නේ.

ත්‍රිපෝෂ කම්හල සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන අතර, එමඟින් ගැබිණි මව්වරුන්ට සහ ළදරුවන්ට නොමිලේ ත්‍රිපෝෂ ලබාදීම සිදුකරනවා.

මේ අතර මෙම තත්ත්වය තුළ ළමා මන්දපෝෂණය වැඩිවීමට සහ ගර්භනී මව්වරුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ගැටළු ඇතිවීමට ඉඩ ඇති බවයි ශ්‍රී ලංකා පෝෂණවේදීන්ගේ සංගමය සඳහන් කළේ.


සුනිල් ජයවර්ධන ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරු 08 දෙනා යළි රිමාන්ඩ්
Monday, 06 July 2020 - 14:26

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ... Read More

පර්පචුවල් ට්‍රෙෂරීස් තහනම දීර්ඝ කරයි
Monday, 06 July 2020 - 14:14

පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් ප්‍රාථමික අළෙවිකරුවෙකු... Read More

උතුරු දිග චීන - මොංගෝලියා ප්‍රදේශයෙන් මහාමාරිය රෝගියෙකු සොයා ගැනේ
Monday, 06 July 2020 - 14:06

උතුරු දිග චීනයේ, ‘‘ඇතුළු - මොංගෝලියා’’ ස්වයං පාලන ප්‍රදේශයෙන්... Read More