ඊයේ ආසාදිතයන් 13 ක් - මෙරට කොරෝනා රෝගීන් 1,633 දක්වා ඉහළට

Monday, 01 June 2020 - 7:50

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+13+%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+1%2C633+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඊයේ දිනයේ නව ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1633ක් දක්වා ඉහළ ගියා.

ඉන් 9 දෙනෙකු විදේශයන් හි සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටි පිරිස් වන අතර, හතරදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

පළමු ආසාදිත නාවික සාමාජිකයා වාර්තා වූ පසුගිය අප්‍රේල් මස 22 වන දා සිට ඊයේ දිනය දක්වා දින 39කට පසුවත් එම පොකුරෙන් තවදුරටත් ආසාදිත සෙබලුන් වාර්තා වනවා.

ඒ අනුව මෙතෙක් නාවික හමුදා සාමාජිකයින් 752 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, සුවය ලැබූ මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 403 දක්වා ඉහළ ගියේ තවත් සාමාජිකයින් 15 දෙනෙකු ඊයේ සුවය ලැබීමත් සමඟයි.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් 822 නෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුවය ලැබූ සංඛ්‍යාව 801ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories