කොරෝනා මරණවලින් බ්‍රසීලය හතරවන ස්ථානයට (වීඩියෝ)

Monday, 01 June 2020 - 9:50

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලොව හතර වන ස්ථානයට වැඩිම කොරෝනා මරණ වාර්තාවන රට බවට බ්‍රසීලය පත්ව තිබෙනවා.

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ බ්‍රසීලයේ නව කොරෝනා වෛරස් ආසාදිතයන් 16,409 ක් වාර්තාවී ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාවද 514,849 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිට වාර්තාවී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 29,314ක් වන අතර ඊයේ දිනයේදී නව කොරෝනා මරණ 480ක් වාර්තාවී තිබෙනවා.

ප්‍රංශයේ මරණ සංඛ්‍යාව 28,802 ක් ලෙස දැක්වෙන අතර, බ්‍රසීලය එම සංඛ්‍යාව ඉක්මවා යමින් මරණ 28,834ක් වාර්තා කළා.

තවදුරටත් ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන ඇමරිකාවෙන්.

එම සංඛ්‍යාව එක්ලක්ෂ 6,195ක් ලෙස දැක්වෙනවා.

මේ අතර මැලේරියා ප්‍රතිරෝධී ඖෂධ මිලියන 2ක් බ්‍රසීලයට යැවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා.

අදාළ ඖෂධය කොරෝනා වෛරසයට සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බවට මේ දක්වා විද්‍යාත්මකව තහවුරු වී නොමැති පසුබිමක් තුළයි ඇමරිකාව එම ඖෂධ බ්‍රසීලයට ලබාදී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories