කොළඹ තාවකාලික පදිංචි වී සිටින්නන් ගැන දත්ත එක්රැස් කෙරේ (වීඩියෝ / ඡායාරූප)

Monday, 01 June 2020 - 12:04

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%2F+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තාවකාලික පදිංචි වී කුඩු ජාවාරමේ යෙදෙන, පාතාල ක්‍රියාකාරකම්කවල සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ යෙදෙන අය ඇතුළු ජාවාරම්වල යෙදෙන්නන් සෙවීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 60ක එවැනි පදිංචිකරුවන් 4100 - කගේ තොරතුරු ලබාගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ දිස්ත්‍රික්කය තුල තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාගෙන පරිගණකගත කිරීමේ වැඩසටහනක් 2020.05.30 දින සිට ආරම්භ කර තිබෙනවා.

එහි පළමු අදියර ලෙස කොළඹ දකුණ , කොළඹ මධ්‍යම හා නුගේගොඩ පොලිස් කොට්ඨාසයන්හි පොලිස් වසම් 13 ක තෝරාගත් ග්‍රාම නිලධාරි වසම් 60ක නිවෙස්වල පදිංචි තාවකාලිකව පදිංචිව හෝ ලැගුම් ගෙන සිටින 40871 ගේ තොරතුරු ලබාගැනීමට 30 සහ 31 දිනවල ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් හා පොලිස් නිලධාරීන් ඒකාබද්ධව සිදු කළා.

එක් රැස් කළ තොරතුරු පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකස් කර පවත්වාගෙන යන විශේෂ දත්ත පද්ධතියක් වෙත ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති බවයි පොලිසිය පවසන්නේ.





පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් ජනරැළි මාලාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (වීඩියෝ)
Monday, 06 July 2020 - 13:24

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ජන රැළි මාලාව... Read More

ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාවක් පවතින බව අගමැති කියයි
Monday, 06 July 2020 - 13:21

පවතින ව්‍යවස්ථාව වෙනස් කිරීමට වර්තමානයේ පැහැදිලි අවශ්‍යතාවයක්... Read More

ජේ්‍යෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත පහළට - ආදායම් බදු නිදහසේ වෙනසක් නැහැ
Monday, 06 July 2020 - 13:15

වානිජ බැංකු විසින් පොලී අනුපාත පහත දැමීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ... Read More