ත්‍රිපෝෂ තොග බෙදාහැරීම අඛන්ඩව (වීඩියෝ)

Monday, 01 June 2020 - 12:59

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%9D%E0%B7%82+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%9B%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ත්‍රිපෝෂ නිෂ්පාදනය නතර කෙරුණද, පවතින තොග බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන බව ජාඇළ ත්‍රිපෝෂ කර්මාන්තශාලාවේ සභාපති දීප්ති කුලරත්න ප්‍රකාශ කළා. කෙසේ වෙතත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත ත්‍රිපෝෂ බෙදා හැරීම් ක්‍රමවත්ව සිදු නොකෙරෙන බවයි.

ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත පසුගිය පෙබරවාරි මාසයෙන් පසු ත්‍රිපෝෂ ලැබී නොමැති බවද ඇය පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් ජා ඇළ ත්‍රිපෝෂ කර්මාන්තශාලාවේ සභාපති දීප්ති කුලරත්න කියා සියේ ටෙන්ඩර් ගැටළුවක් මුල් කරගනිමින් සති කිහිපයක සිට ත්‍රිපෝෂ කම්හලේ නිෂ්පාදන කටයුතු නවතා දමා ඇති බවයි.

මැයි මස මුල් සතියේ බඩඉරිඟු සඳහා පාලන මිලක් නියම කිරීමට රජය පියවර ගත් අතර, එය පැවතියේ කිලෝවක් සඳහා රුපියල් 55ක් ලෙසයි.

එහෙත් ඒ වනවිට ත්‍රිපෝෂ ආයතනය ටෙන්ඩර් කැඳවා මිලදී ගනිමින් තිබුණේ බඩඉරිඟු කිලෝවක් රුපියල් 58 කටයි.

පාලන මිල නියම කිරීමත් සමඟ එම මිලට ගැළපෙන පරිදි ටෙන්ඩර් කැඳවීමට ආයතනය යළි පියවර ගෙන ඇති අතර, මෙතෙක් එම මිලට ටෙන්ඩර් පත්‍රිකාවක් ඉදිරිපත් නොවීම නිසා මෙම ගැටළුව මතුව තිබුණා.

කෙසේ වෙතත් අදාළ ගැටළුව සම්බන්ධයෙන් අද දිනයේ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි ත්‍රිපෝෂ කර්මාන්තශාලාවේ සභාපති දීප්ති කුලරත්න සඳහන් කළේ.

ත්‍රිපෝෂ කම්හල, සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන අතර, එමඟින් ගැබිණි මව්වරුන්ට සහ ළදරුවන්ට නොමිලේ ත්‍රිපෝෂ ලබාදීම සිදුකරනවා.

මේ අතර රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු සඳහන් කළේ ත්‍රිපෝෂ ගැටළුව හේතුවෙන් ළමා මන්දපෝෂණ ඉහල යා හැකි බවයි.




උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More