කොරෝනා 11 මරණය කුවේටයේ සිට පැමිණි අයෙක් (වීඩියෝ)

Monday, 01 June 2020 - 13:11

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+11+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මෙරට 11 වන කොරෝනා මරණය අද වාර්තා වුණා. මෙලෙස මියගියේ කුවේට් සිට මෙරටට පැමිණි හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කුරුණෑගල - රිදීගම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

පසුගිය 20 වනදා දිවයිනට පැමිණ මොහු එරට සූපවේදියෙකු ලෙස සේවය කර තිබෙනවා. මොහු දියවැඩියා රෝගයෙන් පෙළෙන්නෙකු බවයි හෝමාගම රෝහලේ අධ්‍යක්ෂවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1633ක් වන අතර තවදුරටත් 821 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.

එමෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව 801ක්.

මේ අතර කොවි 19 වෛරසය වැළඳී ඇති පුද්ගලයන් සොයා සමාජය තුළින් නියැදි පරීක්ෂණ සිදුකිරීම තවදුරටත් සිදු කෙරෙනවා.

ඒ අනුව දෙමටගොඩ වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව අද පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල ලබා ගැනීම සිදු කෙරුණා.

එමෙන්ම ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සිට සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ 58 දෙනෙකු අද දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මත රෝගය පිළිබඳ නිසි තක්සේරුවක් නොමැතිව වැරදි ආකල්ප මත හැසිරීමෙන් වැළකිය යුතු බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

එමෙන්ම නිරෝධායන නීති රීති දැඩිව ආරක්ෂා කළ යුතු බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංසදයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළා.



උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More